මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යන බව වෛද්‍යවරු පවසයි.

ඩෙංගු, ඉන්ෆ්ලුවන්සා සහ මී උණ ද ඉතා සීග්‍රයෙන් පැතිර යන බවත් ඒවායේ රෝග ලක්ෂණ සමාන බව ද වෛද්‍යවරු සඳහන් කරයි.

හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණ වර්ග තුනේම තිබෙන බවයි වෛද්‍යවරු පවසයි.

මේ අතර මෙම උණවර්ග තුනෙන්, ඩෙංගු උණ තදින් පැතිරයමින් තිබෙන අතර සාමාන්‍යයෙන් සතියකට ඩෙංගු රෝගීන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

More Stories