හැටන් ආශ්රිත වතුකර ප්‍රදේශයන් තුල රතු කැකුළු සහාල් නිසි ලෙස නොමැති විමෙන් මෙවර පොංගල් බත උයා තෛයිපොංගල් උත්සවය නිසි ලෙස සැමරිමට මෙම ප්‍රදේශවල හින්දු ජනතාවට නොහැකි තත්වයක් පවතින බව සමස්ථ ලංකා ප්රගත්ශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
ද්‍රවිඩ හින්දු ජනතාව ඉතාමත් භක්තියෙන් සමරන උත්සවයක් තමයි තෛයිපොංගල් උත්සවය මෙකෙද නව වසරක ආරම්භය ලෙස හිරු දෙවියන් නැමද වැඩ ආරම්භ කරන්නේ මෙම තෛයිපොංගල් උත්සවයෙන් පසුවයි.
මෙහිදි ප්‍රධාන වශයෙන් ද්‍රවිඩ හින්දු ජනතාව තම නිවෙස් ඉදිරිපිය, හින්දු කෝවිල් තුල රතු කැකුළු සහලින් පොංගල් බතක් උදා පුද පුජාවන් පැවැත්විම සිදු කරනවා එහෙත් මෙවර මෙම ප්‍රදේශයන් තුල පවතින රතු කැකුළු සහාල් හිගය හේතුවෙන් එම පුද පුජා පවත්වන්ට නොහැකි තත්වයක් පවතිනවා.
මෙම තත්වයන් මත වතුකරය ඇතුළු මෙම ප්‍රදේශවල හින්දු ජනතාවට එම තෛයිපොංගල් උත්සවය නිසි ලෙස සමරන්න නොහැකි විමෙන් එම ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට මෙන්ම දැඩි ප්රිඩාවන්ටත් පත්ව තිබෙනවා.
මෙයට පෙර කිසිම වසරක මෙවන් තත්වයක් උදාවි නැහැ පසු ගිය කොරෝනා සමයේ වුවද මෙම ද්‍රවිඩ හින්දු ජනතාව තම නිවෙස් තුල පොංගල් බත උයා පෙංගල් උත්සවය සැමරිම සිදු කලා එහෙත් මෙවර පොංගල් බත උයා තෛයි පොංගල් උත්සවය නිසි ලෙස සැමරිමට මෙසේ බධා එල්ලවිම දැඩි කනගාටුවට කරුණක්.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්