ථවාහන පැමිණිලි සම්බන්ධව ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතීඥ ප්රියන්ත වීරසූරිය විසින් E-traffic නම් යෙදුමක් ජනතාව වෙත හඳුන්වාදී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පොලීසියේ නිල වෙබ් අඩවිය ඔස්සේ (www.police.lk) E-services වෙත පිවිස e-Traffic යෙදුම බාගත කළ හැකි බවයි.
මෙහි ඇති camera option icon හෝ video option icon භාවිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කිරීම් හෝ යම් ආකාරයක වැරදි ක්රියාවක් ඡායාරූප හෝ වීඩියෝ ලෙස ගෙන පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බව පොලීසිය වැඩිදුරටත් ප්රකාශ කළා.