dailyreporter

රදැල්ල හා ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර 05වන දින පීලි පැනිමකට ලක්වු දුම්රිය නැවත පිහිලි ගත කිරිමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා 05වන දින ධාවනය වෙමින් තිබු මගී ප්‍රවාහන දුම්රියක් රදැල්ල හා ග්‍රේස්ට් වෙස්ටන් දුම්රිය ස්ථාන අතර පිලි පැනිමකට ලක්විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවු බවත්ය.
එසේ පිලි පැනිමකට ලක්වු එම දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේ කාර්මික අංශයේ නිලධාරින් විසින් අද 06වන දින අළුයම පිලි ගත කිරිමත් සමග දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයන්ට පත්ව ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories