නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ සිදුවු වැන් ලොරි රථ එකිනෙක ගැටිමෙන් සිදුවු අනතුරින් එක් අයකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇති අතර එකි තුවාල කරුවන් නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඩි. පි. ජනක මහතා පවසන ලද්දේ කල්මුණේ සිට හැටන් හරහා නුවරඑළිය දක්වා ගමන් ගත් වැන් රථයක් හා නුවරඑළිය සිට හැටන් හරහා කොළඹ දක්වා ධාවනයවු ලොරි රථයක් රදැල්ල කෙටි මාර්ගයේ එකි නෙක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්ය.
මෙම අනතුර 01වන දින සවස 7.00 පමන සිදුව ඇති බවත් මෙම අනතුරින් වැන් රථයේ ගමන් ගත් අවුරුදු 65ක් පමන වයසැති කල්මුණේ ප්රදේශයේ පදිංචිකරුවකු මිය ගොස් තවත් 21 දෙනකු තුවාල ලබා ඇති බවත්ය.
මෙම අනතුරින් තුවාල ලැබු පිරිස ප්රථිකාර සදහා නුවරඑළිය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම අනතුර පිලිබදව නනුඔය පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද ජනක මහතා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්