මන්ත්‍රි රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ගේ නිවසේ තිබු හඬ පට නිසා සෑම මනුස්සයෙකුටම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවයි.
හඬ පට සහිත දෘඩ තැටි නිවසේ තබාගෙන සිටියේ බොරු කියන පුද්ගලයින් සිටින මේ රටේ සොරුන්ට එරෙහිව සිදුකරන මෙහෙයුමේදී අවශ්‍ය සාක්ෂි ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් බවයි.
රන්ජන් රාමනායක වන මම ඇයි මේවාගේ දෙයක් කළේ කියලා ජනතාව අහනවා. මුලාසන මන්ත්රීවරුනි,මම කෝප් කමිටුවේ සාමාජිකයෙක්. කෝප් කමිටුවේ තියෙන්නේ දුෂණ වංචා ගැන සොයන්න. ඒවාගේම දුෂණ වංචා ආංශික කාරක සභාවේ සාමාජිකයෙක්.
එක්තරා මාධ්‍ය නාලිකාවක් විසින් තමන්ව ඉලක්ක කර ගනිමින් මෙම හඬ පට නිකුත් කිරීම සිදුකරනු ලබන බවට මන්ත්‍රිවරයා කියා සිටියි.