සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි හා ජාලයන් මෙහෙයවනු ලබන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොලීසියෙන් වසන් වී දැනට ඩුබායි රටෙහි සැඟව සිටින චරිත් සඳකැළුම් හෙවත් රන් මල්ලි නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් එක් කෝටි තිස් නව ලක්ෂයක මුදලක් කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර ප්‍රදේශයේ පිහිටි නි‍ෙවසක ගෙවත්තේ වළදමා සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා ගෙන තිබේ.

ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී මෙම මුදල් සඟවා තිබූ නිවස පරික්ෂා කිරීමේදී මෙම මුදල් සොයා ගෙන ඇති අතර මෙම නිවස රන් මල්ලි නොහොත් චරිත් සඳකැලුම් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මස්සිනාගේ නිවස බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබේ. මේ සමඟ මස්සිනාව අත්අඩංගුවට ගෙන ඇත.

රන්මල්ලි නමැත්තා සතුව තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් යම් පුද්ගලයෙකුට විකුණු බවට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශන හා පරීක්ෂණ සිදු කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳගේ සොහොයුරා පදිංචි මාකුඹුරේ පිහිටි නිවසේ මෙලෙස සඟවා තිබූ මුදල් සොයාගත් බවද පොලීසිය පැවසීය.

ඩුබායිහී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රන් මල්ලී’ නැමැත්තා සම්බන්ධ ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට (CID) භාරදීමට පියවර ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශනයට ලක් කෙරෙන බවය.

මේ වනවිට ඔහුගේ වත්කම් ළඟ තබා ගෙන සිටින ඥාතීන් සහ හිතවතුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙමින් ඇතැයි ද, පොලීසිය ප්‍රකාශ කළේ ය.

gossip lanka c, lanka news web sinhala, trincomalee, hiru gossip lanka news, ella sri lanka, gossip lanka c news, sri lanka tourism, lanka c news sinhala, sri lanka airport, sri lanka time now,
gossip lanka sinhala news, hikkaduwa, sri jayawardenepura kotte, polonnaruwa, sri lanka gossip, latest news in sri lanka, gossip lanka hot,
lanka cnews, galle sri lanka,

More Stories