මෙවර පැවැත්වෙන ජනාධිපති මැත්වරණයේදි ස්වාධිණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සියයට අසුවක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බව ආගරපතන එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක කළ්‍යාණි සතර සිංහ මහත්මිය පවසයි.

ආගරපතන කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු කළ්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

අද විපක්ෂයේ ප්‍රධාන ධාරාවන් දෙකම අයි. එම්. එෆ්. ක්‍රියාදාමයන් වෙනස් කරන බව කියමින් දෙන්න බැරි පොරෝන්දු මල්ලක් දෙන බව පවසමින් මේ රටේ ජනතාව රවටමින් රට වටේ යනවා එත් මේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ රට නැවත සංවර්ධිත රටක් බවට පත් කල හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට බව.

මේ රටේ අර්බුදයක් හට ගත් අවස්ථාවේ අප රටට ණය ලබා දුන්න රටක් තමයි බංගලිදේශය එත් බලන්න අද බංගලිදේශයේ තත්වය අද බංගලිදේශයේ නිසි ලෙස ගෑස් නැහැ විදුලිය නැහැ ඉන්දන නැහැ එයට ප්‍රධාන හේතුව තමයි ඒ රටේ අරගල පටන් ගත් අවස්ථාවේ ඒ රට පාලනය කිරිම සදහා නිසි පාලකයෙක් නොසිටිම.

අපේ රටෙත් සිදු වෙන්න තිබුනේ මෙවන් දෙයක් එත් මේ රටේත් මේ රටේ ජනතාවගෙත් වාසනාවට දුර දක්නා නුවනක් සහිත බුද්ධිමත් පරිණත මෙන්ම ලෝකය පිලිගත්ත නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගෙන මේ රටේ ජනතාවට අවශ්‍ය සහන සලසා දෙමින් මේ රට නැවත සංවර්ධණ මාවතකට රැගෙන ගියා.

මෙයට අවුරුදු දෙකකට පමන පෙර මේ රටේ තෙල් පොලිම්වල ගෑස් පොලිම්වල හිටපු සමහර අය එම පොලිම්වල මැරිලා වැටුන අකාරය මේ රටේ ජනතාවට මතකයි  එම නිසා මේ රටේ බුද්ධිමත් ජනතාව නැවත මේ රට එවන් තත්වයකට පත් කරන්න කැමති නැහැ.

අද වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරිමට පියවර ගෙන තියෙනවා රාජ්‍ය සේවයේ වැටුප වැඩි කිරිමට පියවර ගෙන තියෙනවා මේ දෙවල් කලේ මේ රටේ පැවති අර්බුදකාරි තත්වයන් සමනය කරමින් මේ රට සංවර්ධනය කරන අතර තුරයි එවන් තත්වයන් මත මේ රටේ ජනතාව නැවත මේ රට අස්ථාවර කරන්න ඉඩ දෙන්න බැහැ.

එවන් තත්වයන් මත මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කරයේ මෙන්ම ග්‍රාමිය හා නාගරික ප්‍රදේශවලත් විශාල පිරිසක් රනිල් වික්‍රසිංහ මහතාගේ ඡන්ද ලඛුණ වන ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න පෙල ගැහිලා ඉන්නේ එම නිසා නුවරඑළිය දිස්ත්‍රික්යේ ඡන්ද ගනින විට සියයට අසුවක ඡන්ද ප්‍රමාණයක් රනිල් වික්‍රමසි‘හ මහතාට ලැබි තිබෙන බව විශ්වාසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts