සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා රුපියල් 386,500 ක මුදලක් ලබාගත් පුද්ගලයෙකු මතුගම පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුරලිය, මිදලන පදිංචි 42 දි පුද්ගලයෙකි.

මොහු රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා මුදල් ලබා ගත් බවට මතුගම පොලිසියට ලැබුණු පැමිණිලි 06 ක් සම්බන්ධයෙන් විමර්ශනය කර විශ්වාසය කර කර වංචා කිරිම සම්බන්ධයෙන් මොහුව අගලවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (14) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

-ශානි පොල්ගම්පල-

More Stories