රාජ්‍ය නිලධාරින්, දේශපාන අධිකාරිය, ජනතාව ඇතුළු සැම දෙනාම මනා සම්බන්ධිකරණයෙන් යුතුව ආපස්සට ගිය රට ගොඩ නැගිම සදහා කටයුතු කලයුතු බවත්, ඒ සදහා අවශ්‍ය සහය සැලසිම වත්මන් රජයේ ප්‍රධානතම කාර්ය බවද, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටු සභාපති, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමෙන්තු මන්ත්‍රි මංජුල සුරවීර මහතා පවසන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම සම්බන්ධිකරණ කමිටු රැස්විමේදී මේ බව පැවසු මංජුල සුරවීර මහතා එහිදී වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

පසුගිය වසර 05, අදාලව ඉඩම් කොමිසන් සභාව මගින් ලබා දි ඇති ඉඩම් පිළිබඳව වාර්ථාවක් කඩිනමින් අවශ්‍ය බවත්, එම කටයුතු අවසන් වන තුරු ඉඩම් සදහා මැනුම් නියෝග නිකුත් නොකිරිමට පියවර ගත යුතු බවද පවසන ලදි.

දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්වය, 2024 වර්ෂයේ ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන්වල ප්‍රගතිය ඉදිරිපත් කිරීම හා ඒ පිළිබඳව සකච්චා කිරීමද, ඉඩම් දසංවර්ධනය, සෞඛ්‍ය සංවර්ධනය, පාසල් සංවර්ධනය, ජල සම්පාදනය යන කරුණු පිළිබඳවද මෙහිදී සකච්චාවට ගන්නා ලදි.

එමෙන්ම, දිස්ත්‍රික්කයේ වගා සත්ව හානිවලට පිලියම් සෙවිම සඳහා අදාල නිලධාරින්, ගොවි සංවිධාන ඇතුළු කණ්ඩායම් එක්ව සැලසුම් සකස් කිරීමටද මෙහිදී තිරණය විය.

මෙම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මධුර සෙනවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රිවරුන් වන පි. ජි. විජේරත්න, අනුෂ්කා තිලකරත්න, ක්‍රිෂ්නන් කලේයිචෙල්වි, ජිවන් තොණ්ඩමන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක්ද එක්ව සිටින්නේ.

More Stories