gov

ජනාධිපතිවරණය සඳහා වූ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ දිනවල සිදු වෙමින් පවතියි.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය වූ ඊයේ (05) දිනයේදී රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි.

මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගෙන් 50%කට අධික ප්‍රමාණයක් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

අද (06) දිනයේත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවලදී නිල ඇඳුම් කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයට මෙන්ම ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවලද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ඇත.

මෙම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරීන් වෙත ලබන 11 සහ 12 දින දෙකෙහි ද දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසම මඟින් අවස්ථාව සලසා දී ඇත.

Similar Posts