හැටන් පැති විදියේ රථ වාහන නතර කිරිම තහනම නොතකා සමහර රියදුරන් හිතුක්කාරි ලෙස රථ වාහන නැවත්විම හේතුවෙන් එම මාර්ගයේ නිරන්තරයෙන් රථ වාහන ධාවනයට බාධා එල්ලවිමත් සමග දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇත.
මෙකි පැති විදිය තුල පවතින රථ වාහන තදබදයට පිලියමක් ලෙස එකි මාර්ගයේ ස්ථාන කිපයකම රථ වාහන නතර කිරිම තහනම් වශයෙන් දැන්විම් පුවරු සවිකර තිබුනද එකි නිති මායිම් නොකර සමහර රියදුරන් හිතුවක්කාරි ලෙස රථ වාහන නතර කර බඩු බාන්ඩ පැටවිම හා බැම නිරන්තරයෙන් සිදුකරන බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.
මෙවැනි හිතුවක්කාරි රියදුරන්ට එරෙහිව නිසි ලෙස නිතිය ක්‍රියාත්මක නොකිරිම දැඩි ගැටලුකාරි තත්වයක් බවත් මෙවැනි හිතුවක්කාරි රියදුරන් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කරනු ලබන නිති ගරුක රියදුරන් විවිධ දුෂ්කරථාවයන්ට පත්වන බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories