වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් බව පැවසුවද වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1350ක් බවත් ඉතිරි රුපියල් 350 වෙනත් දිමනා බවත් මෙයද වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ වන විට වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් බවට පැවසුවද දෛනික වැටුප ලෙස ලැබෙන්නේ රුපියල් 1350යි අනික් රුපියල් 350 වෙනත් දිමනාවක් ලෙසයි ලැබෙන්නේ එය ලබා ගන්න වතු සමාගම් පවසන අකාරයට දිනකට කැඩිය යුතු තේ දළු ප්‍රමානය අදාල දින ගනනක් කැඩිය යුතුයි.
මේ වන විට දිනකට කැඩිය යුතු තේ දළු ප්‍රමාණය ක්‍රිලෝ 18ක් වශයෙන් සැලකෙන අතර යම් කම්කරුවක් එසේ කැඩිය යුතු තේ දළු ප්‍රමාණයෙන් ක්‍රිලෝ භාගයක් අඩු වෙන් කැඩුවත් එම අයට එදින දින භාගයක් ලෙසයි සටහන් වන්නේ එවිට එම අයට අර රුපියල් 350 නොලැබි යන්නත් පුලුවන්.
ඒවගේ තමයි මේ වතු සමාගම්වලට පුලුවන් දිනකට කැඩිය යුතු තේ දළු ප්‍රමානය ක්‍රිලෝ 19 හෝ 20ක් ලෙස වැඩි කරන්නත් එමෙන්ම මේ වන විට ඉරිදා පොහොය දිනවල වැඩ කල විට එය දින දෙකක් ලෙස සටහන් කිරිමත් නවතන්න හෝ එම දිනවල වැඩ නොදි ඉන්නත් මේ අයට පුලුවන් කම තියෙනවා .
එවන් තත්වයන් මත වතු කම්කරුවන්ට මේ කියන රුපියල් 1700 දෛනික වැටුප නිසි ලෙස ලැබෙයිද කියන එක හරිම ප්‍රශ්නයක් එමෙන්ම මේ වැඩි කල වැටුප මේ මාසේ වැටුපට ලැබෙයි කියලා විස්වාස කරන්නත් බැහැ.

මනුර සුදත් සෙල්ලහේවා- හැටන්

Similar Posts