අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වලින් සමන්විත රුසියාවේ ගොඩබිම් ඒකක මෙන්ම උතුරු සහ පැසිෆික් බලඇණියේ යාත්‍රා දැඩි සටන් සීරුවෙන් තබා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳුදා තහවුරු කළේය. රුසියානු නාවික හමුදාවට න්‍යෂ්ටික මිසයිල වලින් සන්නද්ධ සබ්මැරීන ඇතුළත් වේ.
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඉරිදා නිකුත් කරන ලද නියෝගයට අනුව මෙම පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.