රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත.

එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගත් අති සුඛෝපභෝගි මෙම වාහන 168ක් හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන විමර්ශනයේදී හෙළි වු තොරතුරුවලට අනුව මෙම වාහන බාරයට ගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශයෙක් සඳහන් කළේය.

එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත්තේ රුපියල් කෝටි 4 සිට 6 දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ, ලැන්ඩ්කෲසර්, අධි සුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධි සුඛෝපභෝගී ද්විත්ව කාර්ය රථ ඇතුළු වාහන බව ද එම ප්‍රකාශයා සඳහන් කළේය.

Similar Posts