යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ මෙරට වේලාවෙන් අද (06දා) අළුයම අවසන් වූ අර්ධ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් පෘතුගාලය පරාජය කර ඉතා තියුණු ජයක් ලැබීමට ප්‍රංශය සමත් වුණා.

නියමිත කාලය අවසන් වද්දී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර, ලබාදුන් අතිරේක කාල අවස්ථා දෙකේදීද කිසිඳු කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි වුණා.

මේ හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය කෙරුණේ දඬුවම් පහර අවස්ථාවෙනි.

එහිදී ප්‍රංශය පහර අවස්ථා 05ම සාර්ථක කරගනිද්දී, පෘතුගාලයට සාර්ථක කරගැනීමට හැකිවූයේ අවස්ථා 03ක් පමණි.

මේ හේතුවෙන් පෘතුගාල කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය.

Similar Posts