රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාලව ජිවිතාන්තය දක්වා සිර ද්‍රඩුවම් ලබමින් සිටියදි ජනාධිපති සමා යටතේ නිදහස් කෙරුණු තරුණයා බන්ධනාගාරගතව සිටි වසර 15කට ආසන්න කාලය තුළ දී යහපත් කල්ක්‍රියාවෙන් යුක්තව සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කරමින් ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමට පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතුවල නිරතව සිටීමත්, ඔහු අධ්‍යාපනයෙන් සහ අත්දැකීම්වලින් පරිණතව, ස්වයං පුනරුත්ථාපනයට ලක් වී ඇති බවට වාර්තා වීමත්, දඬුවම් විඳින වරද හැර වෙනත් පෙර වැරදි නොමැති අයකු බවට වාර්තා වීමත් ඇතුලු කරුණු කිහිපයක් නිසා ජනාධිපති සමාව ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කථාබහක් ඇතිව ඇති හෙයින් ඒ් පිලිබඳව කරැණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍ය ආයතන වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය මෙසේය.