මෙරට ජනගහනයෙන් 50%ක්ම දත් මදින්නේ දිනකට එක් වරක් පමණක් බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක ලෝක මුඛ සෞඛ්‍ය දිනය (මාර්තු 20) වෙනුවෙන් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
ඔහු පැවසූ පරිදි ලොව බහුලම බෝ නොවන රෝගය වන මුඛ රෝගවලින් ජනගහනයෙන් 34%ක් හෙවත් බිලියන 3.5ක්ම පීඩා විඳිති. දත් දිරායාම, විදුරුමස් රෝග, දත් නැතිවීම සහ මුඛ පිළිකා මුඛ රෝගවලට අයත් වේ.
යහපත් දන්ත සෞඛ්‍යයක් වෙනුවෙන් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිතා කිරීම ද වැදගත් වේ. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 25%ක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිතා කරන්නේ නැත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, මුඛ සෞඛ්‍යය යනු මුඛය, දත් සහ මුඛයේ ව්‍යුහයන්ගේ තත්වය වන අතර එමඟින් පුද්ගලයන්ට සුවපහසු ලෙස ආහාර ගැනීමට, හුස්ම ගැනීමට සහ කතා කිරීමට ඉඩ සලසන අතරම ආත්ම විශ්වාසය, යහපැවැත්ම සහ සමාජ අන්තර්ක්‍රියා කෙරෙහිද බලපෑම් කරයි. එය සමස්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර ජීවිත කාලය පුරාම පුද්ගලයන්ට තම හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට සහාය වේ.
විශේෂයෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ජනගහන වර්ධනය සහ වයස්ගත වීම හේතුවෙන් මුඛ රෝග වැඩි වේ. අවදානමට ලක්විය හැකි සහ සමාජ හා ආර්ථික වශයෙන් අවාසි සහගත ජීවිත ගත කරන ජනගහනය අතර මුඛ රෝග පැතිරීම වැඩිය. අ