මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට පියවර ගන්නා බව එම පෙරමුණේ මහ ලේකම් එස්. සදාසිවම් මහතා පවසයි.
ඉදිරි ජනාධිපති මැතිවරණය පිලිබදව මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දැක්වු එස්. සදාසිවම් මහතා පවසන ලද්දේ මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහය ස්වාධින අපේක්ෂයකු ලෙස ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව ඇති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට තිරණය කල බවත්ය.
එම තිරණය මත රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහානය සදහා තම පෙරමුණේ සමාජිකයන් ඉදිරියේදි වතුකරය තුල කටයුතු කරන බවද සදාසිවම් මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts