දික්ඔය ඔටරි වතුයායේ ලංකා කම්කරු කොංග්‍රයේ වතු වෘත්තිය සමිති නායකයකුට එම වතුයායේ වතු අධිකාරිවරයකු පහර දිමකට විරෝධය පලකරමින් එම වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසයේ වතු කම්කරුවන් පිරිසක් 25වන දින උද්ගෝෂණයක් පවත්වන ලදි.

එම  වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසයේ වතු වෘත්තිය සමිති නායකයකු වන ශාන්ත කුමාර යන සමග එම වතුයායේ වතු අධිකාරිවරයා අතර බහින් බස් විමක් සිදුව ඇති අතර එය දුර දිග යාමෙන් වතු අධිකාරිවරයා ශාන්ත කුමාර යන අයට පහර දුන් බව පවසමින් එයට විරෝධයක් ලෙස මෙම උද්ගෝෂණය පවත්වන බව එම උද්ගෝෂණයට එක්වු අයකු පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts