ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ලෙස දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා පත් කිරිමට එම කොංග්‍රසයේ විධායක සභාව මගින් 17වන දින පියවර ගෙන ඇත.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ලෙස සිටි දිවංගත ආරුමුගන් තෝණ්මන් මහතාගේ හදිසි අභාවයෙන් පසු ඒ මහතා වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂකත්වයටද ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා නම් කිරිමටද එම විධායක සභාව මගින් පියවර ගන්නා ලදි.

ජිවන් තොණ්මන් මහතා නව මහා ලේකම් ධුරයට පත් විමත් සමග එම කොංග්‍රසයේ මහ ලේකම් ලෙස කටයුතු කල අනුෂා සිවරාජ් මහත්මිය එහි උප සභාපති ධුරයට පත් කර ඇති අතර එහි අනිකුත් තනතුරු සදහා පත් කිරිම් පාර්ලීමේන්තු මැතිවරණයෙන් පසුව සිදු කිරිමටද විධාය සභාව තිරනය කල බව එහි උප සභාපතිවරයකු වන කනපති කනගරාජ් මහතා පවසන ලදි

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts