ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය අවසර ලබා දී තිබෙනවා.

අදාළ මත්ස්‍ය තොග සැපයුම් ස්ථාන කරා ප‍්‍රවාහනය කිරීම සඳහා ඇඳිරි නීති බලපත‍්‍ර නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි පොලිසිය පවසයි.

ලංකා ධීවර සංස්ථාවට මසුන් සපයන ධීවරයින් සහ සැපයුම් කරන ලොරි රථ සඳහා ධීවර සංස්ථාවේ ලිපි ශීර්ෂයන් යටතේ ලිපියක් මගින් අවසරපතක් නිකුත් කර තිබෙනවා.

 

Similar Posts