sathosa

ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ. ස.තො.ස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ලැබූ ශුද්ධ ආදායම රුපියල් මිලියන විසිහයදහස් හත්සිය හැත්තෑ හතරක්.

එය 2023 වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපෙක්ෂව සියයට 4 ක හෙවත් මිලියන 837 ක අදායම් වර්ධනයක්. මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වන විට සතොස රුපියල් මිලියන 93 ක ලාභයක් ලබා ඇති අතර පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේ වාර්තා කළ අලාභය රුපියල් මිලියන 333 ක්.

මෙම වසරේ රුපියල් මිලියන 250 ක ශුද්ධ ලාභයක් ලබාගැනීම අපේක්ෂාව බවයි ලංකා සතොස පවසයි.

Similar Posts