මෙරට පළමු වරට පැවති ලංකා T10 ක්රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) සමත්විය.
ඒ යාපනය කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 26කින් ජයග්රහණය කිරීමත් සමඟයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් හම්බන්තොට කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කරනලදි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ යාපනය කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 107ක් පමණයි.