එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම ගුවන් යානයෙන් පැමිණීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ තිබුණා.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සිංගප්පූරුව වෙත යාමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ කොටු වී සිටි සිංගප්පූරු ජාතිකයන් 10 දෙනෙකු ද මෙම ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම ගුවන් යානය අද සවස 5.15 ට යළි කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතයි.

Similar Posts