gas

ඩොලර් හිඟය නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි වීමෙන් ලබන සතියේ සිට යළි ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවට ගෑස් සමාගම් අනතුරු අඟවයි.

ලාෆ් ගෑස් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි හතරක් විවෘත කිරීමට සූදානම් වුවද වාණිජ බැංකු ඒ සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැත.

මාසයක පමණ කාලයක් ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් නොකිරීම හේතුවෙන් ගෑස් සිලින්ඩර ලක්ෂ දහඅටක් පමණ හිස් වී තිබේ.

මෙම සිලින්ඩර පිරවීම සඳහා කඩිනමින් ගෑස් ආනයනය කිරීමට ඩොලර් ලැබිය යුතු බව ගෑස් සමාගම සඳහන් කරයි.

Similar Posts