නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අනතුරකට ලක්ව ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නුවරඑළිය සිට හැටන් දක්වා ආහාර ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටිමාර්ගයේ සමර්සෙට් ප්‍රදේශයේදි අනතුරකට පත්ව ඇති බවත්ය.
අධික බැවුම් සහිත එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෙම ලොරි රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝසයක් හේතුවෙන් එම ලොරි රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ධාවනයවි මාර්ගයේ අභියස පිහිටි කන්දක ගැටි ඉදිරියට ගොස් මෙම අනතුර සිදුව ඇති බවත් මෙම අනතුර පිලිබදව නානුඔය පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්