ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත විස්ලේෂණයට අනුව අද (02 ) උදෑසන 9.00 පමණ වන විට කොවිඩි – 19 වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය ගණන හතළිස් හත්දහස ඉක්මවා ගියේය.
මේ වන විට රටවල් 180ක් පුරා වෛරසය පැතිර ගොස් ඇති අතර වෛරසය ආසාදනය වූ ගණන නම ලක්ෂ තිස්පන් දහසඉක්මවා තිබේ.
මේ වනවිට වෛරසය වේගයෙන්ම පැතිර යන රට බවට පත් වී ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ මුළු අසාදිතයන්ගේ ගණන දෙලක්‍ෂ පහළොස් දහස ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව පන්දහස ඉක්මවා තිබේ. මේ දක්වා කොරෝනා වෛරසයෙන් වැඩිම මරණ වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එම මරණ සංඛ්‍යාව දහතුන් දහස් එකසිය පනස් පහකි .