corona

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහා බව පැහැදිලිවම කිව හැකි යැයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

එය එසේ නොවේ නම් මෙම ප්‍රභේදය රටට ඇතුළු වූයේ කෙසේ දැයි රජය විසින් හෙළි කළ යුතු බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

ඉන්දියානුවන්ට මෙරට නිරෝධායනය වෙන්නැයි වෙළඳ දැන්වීම්ද දමා ගෙන්වාගත් බවත් කොතරම් විරුද්ධව ඒ ගැන කියා සිටියද ඒ සම්බන්ධයෙන් බලධාරීන් සැලකිලිමත් නොවූ බවත් පැවසූ ඔහු එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු ප්‍රභේදය ද ලංකාවෙන් වාර්තා වන බවත් ඒ සඳහන් කළේය.

දැනට ලෝකයේ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ප්‍රභේද හතර අතරින් ශ්‍රී ලංකාවට 03ක්ම දැනටමත් පැමිණ තිබෙන බවත් පැමිණ නැත්තේ බ‍්‍රසීල ප්‍රභේදය පමණක් බවත් ඔහු තව දුරටත් පැවසීය.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය සැත්කම් කල් දැමීමටත්, හදිසි සැත්කම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කිරීමටත් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් පැවසීය.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒ්කක ඇඳන් මෙම දිනවල රට පුරා පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් හේතුවෙන් පිරී ඉතිරී යෑමේ අවදානමක් දැනට මතු වී ඇති අතර, පිට පළාත්වලින් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් නගරවල රෝහල්වලට ඇතුළත් කිරීමද මෙම තත්ත්වය මත සීමා කර තිබෙන බව හෙතෙම සඳහන් කළේය. සාමාන්‍ය සැත්කම් කල් දැමීම හේතුවෙන් රෝහල්වල පොරොත්තු ලේඛන (වේටින් ලිස්ට්) තවත් මස ගණනකින් දීර්ඝ වනු ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

More Stories