අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හදිසි තත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ පැය කිහිපයක් ඇතුළත විශාල ලැව් ගින්නක් ඇතිවීමත් සමගයි.
අක්කර 10 ප්රමාණයක සිට අක්කර 2,900 කට වඩා වැඩි ප්රදේශයක ලැව් ගින්න පැතිරීමට ඉතා සුළු කාලයක් ගතවූ බවයි අමරිකානු බලධාරීන් පවසන්නේ.
මේ අනුව 30,000 කට අධික පිරිසක් ඉවත් කිරීමේ නියෝග යටතේ සිටින බවත්, ගොඩනැගිලි 13,000 ක් තර්ජනයට ලක්ව ඇති බවත් ගිනි නිවන ප්රධානී ක්රිස්ටින් ක්රෝලි පවසනවා.
මෙම ලැව් ගින්න ප්රථමයෙන් පැසිෆික් පැලිසේඩ්ස් ප්රදේශයේ හටගෙන ඇති අතර ඉතා වේගයෙන් පැතිර යමින් පවතින බව සඳහන්.