Spa Ceylon සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) ‘Help Save The Majestic Ceylon Elephant’ නමින් අලි මිනිස් ගැටුම පිළිබඳව දැනුවත් කිරීම සහ ඉන් බලපෑමට ලක් වූ ජනතාව සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

ලොව විශාලතම සුඛෝපභෝගී ආයුර්වේද සුවතා සන්නාමය වන Spa Ceylon, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සමඟ අත්වැල් බැඳගනිමින් 2024 ලෝක අලි ඇතුන්ගේ දිනය සැමරීම වෙනුවෙන් දිනෙන් දින වර්ධනය වන අලි මිනිස් ගැටුම පිළිබඳ දැනුවත් කිරීමේ සහ ඉන් පීඩාවට පත් ශ්‍රී ලාංකීය ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින් වැඩ සටහන් මාලවක් සංවිධනය කර තිබූ අතර මෙම වැඩසටහන් මාලාව ලෝක අලි දිනයට සමගාමීව සංවිධානය කර තිබුනි.

මීට අදාල මාධ්‍ය දැනුවත් කිරීම ඉකුත් 7 වෙනිදා දෙහිවල Spa Ceylon හී පැවති අතර, වැඩසහටනේ සමාරම්භක අංගක ලෙස සංවිධනය කළ සුවතා ධාවන තරඟය 2024 අගෝස්තු 11 වැනි දින පෙ.ව. 6.30 ට කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ විය . ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ සංරක්ෂණ කටයුතු සඳහා සහය දැක්වීමේ අරමුණින් පවත්වනු ලබන මෙම ‘ධාවන තරඟය’ කිලෝමීටර 5 ක සහ කිලෝමීටර 2 ක දුර ප්‍රමාණයන්ගෙන් සමන්විත වන අතර එහිදී හොඳම ධාවකයින් තිදෙනාට Spa Ceylon සහ ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය වෙතින් වටිනා තෑගි පිරිනැමුනි.

Similar Posts