වටවල ප්රදේශයේ හදුන් දිවියන් තිදෙනකු සැරි සැරිම හේතුවෙන් එම ප්රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇති අතර එම තත්වයන් පිලිබදව පිරිසක් වටවල පොලිසිය වෙතද පැමිනිලි කිරිමට පියවර ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වටවල ප්රදේශයේ හදුන් දිවියන් තිදෙනකු සැරි සරන බව පවසමින් ප්රදේශයේ පිරිසක් දැඩි බියකට පත්ව ඇති බව සැබැවක් බවත්ය.
මෙම තත්වයන් පිලිබදව වටවල ප්රදේශයේ පිරිසක් 21වන දින උදැසන 9.00ට පමන වටවල පොලිසියට පවසා සිටි බවත් එම තත්වයන් පිලිබදව එම අවස්ථාවේදි නල්ලතන්නිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගත් බවත්ය.
එම දැනුම් දිමෙන් පසුව නල්ලතන්නිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් වටවල ප්රදේශයට පැමින එම හදුන් දිවියන් අල්ලා ගැනිමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
වටවල ප්රදේශයේ සැරි සරන හදුන් දිවියන් අල්ලා ගැනිමට පැමිනි නල්ලතන්නිය වන ජිවි කාර්යාලයේ අඩවි සහාකාර එම්. ඒ. ජි. දුනුවිල මහතාගෙන් කරන ලද විමසිමකදි ඔහු පවසන ලද්දේ හදුන් දිවියන් යනු මිනිසුන්ට හානි නොකරන සතකු බවත්ය.
හදුන් දිවියන් මාළුවකු, මියකු හෝ කුඩා බලු පැටවකු දඩයම් කලද මෙම හදුන් දිවියන් මිනිසුන්ට කිසිදු හානියක් නොකරන බව ස්ථිර ලෙස පැවසිය හැකි බවත් මෙම තත්වයන් පිලිබදව නොදන්නා කමින් මේ පිරිස් කලබලයට පත්ව ඇති බවත්ය.
කෙසේ වුවද ප්රදේශයේ ජනතාවගේ බිය සැක තුරන් කිරිම සදහා මෙම හදුන් දිවියන් අල්ලා වෙනත් රක්ෂිත ප්රදේශයට රැගෙන යාම සදහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද දුනුවිල මහතා වැඩි දුරටත් පැවසිය.