මේ වන විට වතුකරයේ බොහෝ පිරිසක් දැඩි ආර්ථික ප්‍රශ්න මත විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත් මෙම පිරිසගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට පියවර ගත යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගන් මහතා පවසයි.
නාම යෝජනා ලබා දිමෙන් පසු මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දැක්වු සදානන්දන් තිරුමුගනාදන් මහතා මේ වන විට වතුකර ජනතාව තුල පවතින ආර්ථික අපහසුතාවයන් මත වතු කරයේ මන්දපෝෂනය වැඩි වෙලා තියෙන්නේ.

එමෙන්ම වතුකරයේ පාසල් යන දරුවන්ගේ ප්‍රමානයත් අඩු වෙලා මේ සියළුම දෙයට මුල් වෙලා තියෙන්නේ මේ වතු කර ජනතාව පත්ව ඇති ආර්ථික ප්‍රශ්නයි මෙයට පිලියම් යෙදිමට නම් මේ අයගේ ආර්ථිකය ශක්තිමත් කල යුතුයි.
ඒ සදහා මේ වතුකරයේ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දිමට පියවර ගත යුතුයි එයට අවශ්‍ය පහසුකම් සැලැස්විය යුතුයි එමෙන් උසස් අධ්‍යාපනය හැදැරිමට නොහැකි අයට පරිගණක තාක්ෂණය ඇතුළු විවිධ වෘත්තිය පුහුණුවන් ලබා දිමටත් පියවර ගත යුතුයි.
එම පුහුණුවිම්වලින් පසුව එසේ හදාරන පුහුණුවන් මත අවශ්‍ය රැකියා අවස්ථාවන් එම පිරිස් සදහා ලබා දිමට හැකි වෙනවා මොකද මේ වන විට විවිධ වෘත්තිය පුහුනුවන් යටතේ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් පවතිනවා.

එම තත්වයන් මතමේ වතු කරයේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුලුවන් ඒ සදහා මා තුලත් කෙටි කාලින මෙන්ම දිර්ග කාලින සැලසුමක්ද පවතිනවා එය ක්‍රියාත්මක කිරිමට ඔබලාගේ දායකත්වය ලබා දෙන්න එම නිසා මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ අලියාට ඡන්දය දිලා මටත් මනාපයක් ලබා දෙන්න.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts