වතුකරය තුල මේ වන විට පවතින දිවි තර්ජන හේතුවෙන් වතුකරයේ වතු කම්කරු ජනතාව විවිධ දුෂ්කරතාවයකට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ මේ වන විට වතුකරය තුල සැරි සරන දිවියන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බවත්ය.

වතුකරය තුල මේ වන විට දිවියන් සැරි සැරිම වැඩිවි ඇති බවත් මෙම තත්වයන් හේතුවෙන් තමන්ට වතු කරය තුල නිදහසේ රැකියාවන් කර ගෙන යාමට නොහැකි තත්වයක් පවතින බවද ඔවුන් පවසති.

පසු ගිය කාලය තුලදි රාත්‍රි කාලයේ පමනක් වතු කරය තුල දිවියන් සැරි සැරිම සිදුවු බවත් එම කාලයන් තුලදි තම නිවෙස්වල ඇති කල බල්ලන් කුකුලන් වැනි සතුන් මෙම දිවියන් විසින් පැහැර ගෙන යාම් කල බවත් මේ වන විට එම දිවියන් දහාවල් කාලයේදිද වතු තුල සැරි සැරිමත් සමග එම දිවියන්ගෙන් තම ජිවිතවලටද විවිධ තර්ජන එල්ල වෙමින් පවතින බවද ඔවුන් පවසති.

පසු ගිය දිනක වතු තුල සේවය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු මෙම දිවියකුගේ පහාර කැමකට ලක්ව රෝහල් ගත කල බවත් මෙම තත්වයන් මත මේ වන විට වතු තුල රැකියාවන් සිදු කිරිම තම ජිවිතවලට තර්ජනයක්වි ඇති බවද ඔවුන් පවසති.

වතු කරය තුල සැරි සරන මෙම දිවියන් අල්ලාගෙන යාමට වන ජිවි අංශයේ නිලධාරින් කඩිනමින් පියවර ගත යුතු බවත් එය පමාවිම් හේතුවෙන් ඉදිරියේදි තේ වතු තුල නිසි ලෙස රැකියාවන් කිරිමට නොහැකි තත්වයක් උද්ගත වනු ඇතැයිද ඔවුන් පවසති.

මෙම තේ වතු තුල සැරි සරන දිවියන්ගේ පහාර කැම් හේතුවෙන් වතු කම්කරු ජිවිතද අහිමිවිමේ අවදානමක් පවතින බවත් එවැනි දෙයක් සිදු විමට ඉඩ නොතබා තේ වතු තුල සැරි සරන දිවියන් වතු කරයෙන් ඉවත් කිරිම අදාල බලධාරින්ගේ වග කිමක් බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts