මධ්‍යම කදුකරයේ වතුකරය ආශ්‍රිතව නව වෘත්තිය සමිතියක් ආරම්භ කිරිම සදහා මේ වන විට පිබුරු පත් සකස් කරමින් සිටින බවට වතුකරයේ ආරංචි මාර්ග පවසයි.

වතු කම්කරුවන් නියෝජනය කරනු ලබන වෘත්තිය සමිති දෙක තුනක පිරිසක් එම වෘත්තිය සමිතිවලින් ඉවත්ව මෙම නව වෘත්තිය සමිතිය ආරම්භ කිරිම සදහා මේ වන විට සකච්චා කරමින් සිටින බව තම අනන්‍යතාවය හෙලි නොකර ලෙස ඉල්ලමින් එම සාකච්චාවට එක්වු අයකු පවසන ලදි.

පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයට ස්වාධින කණ්ඩායම් දෙක තුනකින් ඉදිරිපත්වු කිප දෙනකු හා මේ වන විට වෘත්තිය සමිතිවල රැදි සිටින කිප දෙනකු මෙසේ නව වෘත්තිය සමිතිය ආරම්භ කිරිම සදහා මේ වන විට සාකච්චා වට දෙකක් පැවැත්වු බවත් එම සාකච්චා සාර්ථකවු බවත් එම පුද්ගලයා පවසන ලදි.

දැනට වෘත්තිය සමිති දෙක තුනක සිටින පිරිසකට එම වෘත්තිය සමිතිවලින් සිදුවන විවිධ කෙනහිලි කම් හේතුවෙන් එම පුද්ගලයන් එකි වෘත්තිය සමිති පිලිබදව කල කිරිමට ලක්ව ඇති බවත් එසේ කල කිරිමට ලක්ව ඇති අය මෙන්ම පසුගිය පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කල කිප දෙනකුම එක්ව මෙම නව වෘත්තිය සමිතිය පිහිටු විමට මෙසේ පෙරමුණ ගෙන ඇති බවද ඔහු පවසන ලදි.

ඉදිරියේ පැවැත්විමට යෝජිත පලාත් සභා මැතිවරණයට පෙර මෙම නව වෘත්තිය සමිතිය පිහිටුවා එම වෘත්තිය සමිතිය තුලින් ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කිරිමටත් ඒ තුලින් දැනට පතින වෘත්තිය සමිතිවලට දැඩි බලපැමක් එල්ල කිරිම මෙහි ප්‍රධාන අරමුණ බවත් එම පුද්ගලයා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories