මෙවර ජනාධිපති මැතිවරණයේදි වතුකර ජනතාවගේ ඡන්දය නිසි ලෙස භාවිතා කිරිම පිලිබදව වතුකර ජනතාව දැනුවත් කිරිමේ අරමුණ මත වතුකරයේ පෙර පාසල් ගුරුවරියන් සිය දෙනකු දැනුවත් කර ඔවුන් හරහා වතු කර ජනතාව දැනුවත් කිරිමට පියවර ගන්නා බව ප්‍රිඩෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි.

ප්‍රිඩෝ ආයතනයේ කොටගල කාර්යාලයේදි පැවති පුහුණු වැඩ සටහන පිලිබදව අදහස් දැක්වු මයිකල් ජෝකිම් මහතා එහිදි මෙසේද පවසන ලදි.
මෙවර ජනාධිපති මැතිවරණයේදි ඡන්ද පත්‍රිකාව දිග වැඩියි එමෙන්ම මෙහිදි ඡන්දදායකයන්ට තම ඡන්දය ලබා දිලා තවත් අපේක්ෂයන් දෙදෙනකුට 2 හා 3 වශයෙන් මනාපයන්ද ලබා දෙන්න පුලුවන් මෙම තත්වයන් මත තම ඡන්දය නිසි ලෙස බාවිතා කිරිම පිලිබදව වතුකර ජනතාව දැනුවත් කිරිම සදහායි මෙම පුහුණු වැඩ සටහන පවත්වන්නේ.

මොකද මේ මනාප ක්‍රමය තුලින් සමහර පිරිස් අපේක්ෂයන් තිදෙනකුට කතිර තුනක් මාක් කලොත් එය අවලංගු ඡන්දයක් වෙනවා එවිට එය අපරාධයක් එමෙන්ම මෙවර ජනාධිපති ඡන්දයේ ඡන්ද පත්‍රිකාව දිග වැඩියි මෙම තත්වයන් මතත් මේ වතුකර ජනතාව අපහසුතාවයන්ට පත් වෙන්න පුලුවන් එම නිසා මේ පිලිබදව වතුකර ජනතාව දැනුවත් කිරිම සදහා වතුකරයේ පෙර පාසල් ගුරුවරියන් සිය දෙනකු දැනුවත් කිරිම සිදු කරනවා.
මෙසේ පුහුණුවන මෙම පෙර පාසල් ගුරුවරියන් එම වතුවල වතු කර ජනතාව දැනුවත් කිරිමට පියවර ගත යුතුයි ඒ අනුව අඩු තරමින් වතුකරයේ ඡන්දදායකයන් විසි දහසක්වත් මෙම පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරිමට පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.

මේ තුලින් අපි බලාපොරෝත්තු වන්නේ මේ වතු කරයේ ඡන්දදායකයන්ගේ ඡන්ද විනාශ නොවි නිසි ලෙස කුමන හෝ අපේක්ෂයකුට ලබා දිමටයි මොකද සෑම මසැතිවරණයකදිම මේ වතු කරයේ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් නරක්වු ඡන්ද ලෙස ඉවත දමනවා.
එම තත්වයන් මත මේ වතුකර ජනතාවගේ කැමත්ත නිසි ලෙස පිලිබිබු වන්නේ නැහැ අපිට අවශ්‍ය මේ අයගේ කැමැත්ත නිසි ලෙස පිලිබබු වන ලෙස ඔවුන්ගේ ඡන්දය නිසි අකාරයෙන් සිදු වනු දැකිමයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts