වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්‍රශ්නය පමණක් නොවන බවත් තවත් ප්‍රශ්න රාශියකින් මෙම වතුකර ජනතාව මේ වන පීඩා විදින බව කරිටාස් සෙටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඩොස්මින් රාජ් පියතුමන් පවසති.
හැටන් සෙටික් ආයතනයේදි වතුකර ජනතාවගේ ජිවිත ආලෝකමත් කරමු යන තේමාව යටතේ වතුකර ජනතාවගේ ජිවිතවලට බලපාන ප්‍රශ්න හා එය විසදිමට ගත යුතු පියවර පිලිබදව සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවකදි මේ බව පැවසු ඩොස්මින් රාජ් පියතුමන් එහිදි මෙසේද පවසන ලදි.
මේ වන විට වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්‍රශ්නය පමණක් නොවෙයි එම වැටුප් ප්‍රශ්නය දැවෙන ප්‍රශ්නයක් තමයි එමෙන්ම මේ ජනතාව අද වන විට සෞඛ්‍ය ප්‍රශ්න, සංස්කෘතික, ප්‍රශ්න, පානිය ජල ප්‍රශ්න, සනිපාරක්ෂක ප්‍රශ්න, යටිතල පහසුකම් ප්‍රශ්න, තම දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න යන ප්‍රශ්න රාශියකින් මේ වතු කර ජනතාව පීඩා විදිනවා.
මෙම ප්‍රශ්න එකින් එක දෙස බැලිය යුතුයි එසේ බලා මෙයට ලබා දිය හැකි විසදුම් මොනවාද යන්නත් අපි සොයා බැලිය යුතුයි අපිට මේ ප්‍රශ්නවලට එක එල්ලේ විසදුම් ලබා දෙන්න බැරිවෙයි එත් අපි මෙම ප්‍රශ්නවලට ලබා දිය හැකි විසදුම් සොයා එය කිරිමට අදාල බලධාරින්ට යොමු කිරිමට හෝ පියවර ගත යුතුයි ඒ සදහා මේ සිවිල් සමාජ ක්‍රියාකාරින්ට විශාල දායකත්වයක් ලබා දෙන්න හැකියාව පවතිනවා.
එම නිසා මේ සිවිල් සමාජ ක්‍රියාකාරින් මේ සදහා යම් සුභදායි ක්‍රියා මාර්ගයකට එක් විමෙන් මේ වතුකර ජනතාවගේ ජිවිත ආලෝකමත් කිරිමට යම් දායකත්වයක් හෝ ලබා දිමට හැකි වනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories