dailyreporter

වතු කම්කරුවන් මේ රටට පැමින වසර 200ක් ගත වුවත් මේ ජනතාව මේ වන විටත් විවිධ පිීඩාවන්ට  ලක් වෙන බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් පවසන ලදි.

හැටන් සිටික් ආයතනය මගින් 2024 වර්ෂයේදි සිදු කිරිමට සැලසුම් කර ඇති සමාජ සත්කාරයන් පිලිබදව පැවති සාකච්චාවකදි මේ බව පැවසු නියුමන් පිරිස් පියතුමන් එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

සිටික් ආයතනය මගින් පසු ගිය වසර දෙක තුලදි මේ වතු කරයේ ඉගෙනුම ලබන දරුවන් සදහා ශිෂ්‍යත්ව ලබා දිම් ඇතුළු විවිධ වැඩ සටහන්වලින් ක්‍රියාත්මක කිරිම් තුලින් එම දරුවන්ට විශාල සේවයක් සිදුව තිබෙනවා.

එම තත්වයන් මත එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල රුකුලක් ඇතිවු බවත් එම තත්වයන් පිලිබදව එම දරුවන් මෙම ආයතනයට ස්තුතියද පුද කර තිබෙනවා මෙම වැඩ සටහන් මෙම වර්ෂය තුලදි තවත් වැඩි වශයෙන් කිරිමට පියවර ගත යුතුයි.

මෙහිදි අදහස් දැක්වු සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිකලස් මහතා අදහස් දක්වමින් පවසන ලද්දේ වතු කම්කරු ජිවිත ආලෝකමත් කරමු යන තේමාව යටතේ පසු ගිය වසරවලදි මෙන්ම මෙම වර්ෂය තුලදිද වතු කරය තුල වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවත්ය.

මෙහිදි ප්‍රධාන වශයෙන් පාසල් සිසුන් සදහා ශිෂ්‍යත්ව ලබා දිම, වෛද්‍ය සායන,  පාසල් සිසුන්ගේ දැනුම වර්ධනය කිරිම සදහා විවිධ අධ්‍යාපනික වැඩ මුළු හා දේශන , පෝෂන වැඩ සටහන් ආදිය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවත්.

මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරිමට මහනුවර කරිටාස් ආයතනය මගින් අවශ්‍ය උපදෙස් ලබා දිම සිදු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories