පතන ක්‍රෙග්ලි වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට 29වන දින එල්ලවු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 08 දෙනකු තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇත.

තමන් වතුයායේ සේවය කරමින් සිටියදි හදිසියේ වතුයායේ බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බඹරුන් තමන්ට පහාර දුන් බව තුවාල ලැබු කාන්තාවක් පැවසිය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොටගල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 08 දෙනකු රෝහල් ගත කල බවත් එම පිරිස රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories