රජය මගින් වැඩි කරන ලද රුපියල් 1700 වතු කම්කරු දෛනික වැටුප තමන්ට නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් 25වන දින සාමිමලේ ඕල්ටන් නගරයට එක්වු වතු කම්කරුවන් පිරිසක් උද්ගෝෂණයක් පවත්වන ලදි.

හොරණ වැවිලි සමාගමට ඕල්ටන්, ගවරවිල, මනිළු, ෆේයාලෝන්, ස්ටොක්හෝම්, යන වතුවලට අයත් වතු කම්කරුවන් මෙසේ ඕල්ටන් නගරයට එක්ව රජය මගින් වැඩි කරන ලද රුපියල් 1700 දෛනික වැටුප තමන්ට ලබා දිමට වැවිලි සමාගම් කටයුතු කලයුතු බව පවසමින් මෙසේ උද්ගෝෂන පවත්වන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts