වතු කම්කරු ප්‍රජාව ඉන්දියාවේ සිට ලංකාවට පැමින වසර 201ක් ගත වුවත්, මේ වතු කම්කරු ප්‍රජාව මේ වන විටත් ප්‍රශ්න රාශියක් මත ජිවත් වන පිරිසක් බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදිප් මහතා පවසයි.
ඉන්දිය රජයේ ආධාර මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් සදහා ඉදි කරන ලද නිවාසවල ඔප්පු ලබාදීමේ උත්සවයක් හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ශාලාවේදී පැවති අවස්ථාවේදී, සුන්දරලිංගම් ප්‍රදිප් මහතා මේ බව පවසන ලදි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු සුන්දරලිංගම් ප්‍රදිප් මහතා එදා ඉන්දියාවේ සිට ආපු ප්‍රජාවගෙන් පැවත එන කෙනෙක් තමයි මමත් මගේ දෙමාපියන් වතු කම්කරුවන්. මමත් වත්තේ ඉපදිලා, වතු ලයිමේ හැදිලා තමයි අද මේ ඇමතිකම දරන්නේ.

මේ වතු කම්කරු ප්‍රජාව ඉන්දියාවේ සිට පැමින වසර 201ක් ගත වුනත්, අදටත් මේ වතු කම්කරු ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න විසදිලා නැහැ. අදටත් මේ ජනතාවට සෞඛ්‍ය ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න පවතිනවා. එම තත්වයන් මත අපි තවමත් ඉන්නේ පහත් මට්ටමකයි.

අපිට නිදහස ලැබිලා අනුරුදු 77ක් වනවා. මෙම අවුරුදු 77 තුළ විවිධ ආණ්ඩු පත්වුනා, විවිධ මැති ඇමතිවරුන් පත් වුනා. එත් මේ ජනතාවගේ ප්‍රශ්න නිසි ලෙස විසදුනේ නැහැ. මේ ජනතාවට ඉඩමක්, නිවසක් ලබා ගැනීම සිහිනයක් බවට පත් වෙලා තිබුනේ. එය සැබෑ කරන්න ඉන්දියානු රජය අපිට උදව් කරලා තියෙනවා. ඒ පිළිබඳව මම මේ අවස්ථාවේදී ඉන්දියානු රජයට ස්තුතිය පුද කරනවා.

මේ වතුකරයේ හිටපු සමහර දේශපාලකයන් මේ වතුකර් ජනතාව ඔවුන්ගේ ග්‍රහනයට හසු කරගෙන හිටියේ ඔවුන්ගෙන් තොරව වෙනත් අයෙකුට දේශපාලන වශයෙන් ඉදිරියට එන්න ඉඩ දුන්නේ නැහැ. එත් පසුගිය මැතිවරණයේ මේ වතුකර ජනතාව නුවරඑළිය, බදුල්ල වැනි දිස්ත්‍රික්ක ඇතුළු වතුකරයේ බලයත් ජාතික ජන බලවේගයට ලබා දීමේ පියවර ගැනීම පිළිබඳව මෙම ජනතාවට මා ස්තුතිය පුද කරනවා.

මේ රජයේ නිලධාරින් වැටුප් ලබන්නේ මහජනතාවගේ බදු මුදලින්. එම නිසා මේ නිලධාරින් මහජනතාවට අවශ්‍ය සේවය ලබා දීමේ පියවර ගත යුතුයි. මම මේ ඇමති කමින් මේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමට උපරිම උත්සාහයක් ගන්නවා. පොහොසත් රටක්, ලක්ෂන ජීවිතයක් හැදීම සඳහා මේ සියලුම දෙනා එකට එක්වන්නැයි මා ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories