වතු කම්කරු වැටුප රුපියල් දාහා දක්වා වැඩි කරන බව මේ රජය පැවසුවත් එම වැටුප් වැඩිවිම ලබා දිමට නොහැකි බව සමහර වතු සමාගම් පවසනවා එම තත්වයන් මත මෙම වතු කම්කරු වැටුප වැඩි කිරිමට රජය මගින් එම වතු සමාගම් සදහා මුල්‍ය පහසුකම් සැලසිමට පියවර ගත යුතුයි.

නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා මේ බව පවසන ලද්දේ ආගරපතන වෙර්වලී වතුයායේ ආඩ්ලි කොටසේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිලේ නවිකරන කටයුතු සදහා මුල් ගල් තැබිමේ උත්සවයක් අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් කතා කල කේ. කේ. පියදාස මහතා පසු ගිය ජනාධිපති මැතිවරණයේදි විවිධ බොරු පොරෝන්දු ලබා දි විවිධ රගපැම් කර බලය ලබා ගත්තත් දැන් එම පොරෝන්දු ඉටු කිරිමට නොහැකිවි තියෙනවා.

අද හාල් මිල, එලවලු මිල ඇතුලු බඩු මිල දැඩි ලෙස ඉහල ගිහින් තියෙන්නේ මෙම තත්වයන් මත මේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙලා ඉන්නේ වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව කියනවා එය හොද දෙයක් මොකද මේ වතු කම්කරුවන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජිවත් වන්නේ.

එත් සමහර වතු සමාගම් පවසනවා මේ වැඩි වැටුප් දෙන්න බැහැ එහෙම වුනොත් මේ වතු කර ගෙන යාමට නොහැකි බව එම නිසා මේ වතු සමාගම් සදහා මේ රජය මගින් මහ භාණ්ඩාගාරයෙන් හෝ මේ වැඩි වැටුප් සදහා මුදල් ලබා දිමට පියවර ගත යුතුයි.

එසේ නොවුනහෝත් මේ වතු විනාශ විමේ අවධානමක් පවතිනවා මාගේ විමධ්‍ය ගත මුදලින් මෙම හිංදු කෝවිලේ නවිකරන කටයුතුඅ සදහා රුපියල් ලක්ෂ දහයක මුදලක් වෙන් කර දිමට පියවර ගෙන තිබෙනවා හිංදු කෝවිල් වලට පමනක් නොවෙයි බෞද්ධ විහාරස්ථාන ඉස්ලාම් දේවස්ථානවල උන්නතිය සදහාත් මා මාගේ විමධ්‍ය ගත මුදලින් මුදල් වෙන් කලා.

මෙම ප්‍රදේශවල සියලු ආගමික ස්ථාන දියුනු කල යුතුයි ආගමික ස්ථාන දියුනු කර එම ආගමික ස්ථාන හරහා  ප්‍රදේශයේ ජනතාවගේ සුභ සිද්ධිය සදහා අවශ්‍ය කටයුතු සිදු කල යුතුයි.

 මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

More Stories