වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කල බව ප්‍රකාශ කලද එය මේ වන විට පුස්සක් බවට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා .

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා ගැසට් නිවේදයක් මගින් වැඩි කල බව කම්කරු දිනයේදි ප්‍රකාශයට පත් කලද වතු සමාගම් එයට එරෙහිව අධිකරණයට යාමත් සමග එම වැටුප් වැඩිවිම මේ වන විට නතරවි තිබෙනවා.

මෙයට ප්‍රධාන හේකුව කමයි මෙම වැටුප් වැඩි කිරිම පිලිබදව අදාල වතු සමාගම් සමග සාකච්චා නොකර ඒකපාක්ෂිව කටයුතු කිරිම එදා වතු කම්කරු වැටුප වැඩි කල බවට ප්‍රකාශ විමත් සමග වතු කම්කරුවන් දැඩි උද්දාමයෙන් කිරි බත් උයලා රතිඤ්ඤා පත්තු කරලා සැමරුවත් එම වැටුප් වැඩි විම මේ වන විට ඇන හිටලායි තියෙන්නේ.

මේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි විය යුතුයි එහි දෙකක් නැහැ එත් මෙය කල යුත්තේ අදාල වතු සමාගම් සමග සාකච්චා කරලායි එවිට තමයි යම් සාදනිය තිරණයක් ගන්න පුලුවන් වන්නේ.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කල අවස්ථාවේදිම වතු සමාගම් පැවසුවා මේ තරම් වැටුප් වැඩි විමක් ලබා දෙන්න බැහැ කියලා එම නිසා මේ අවස්ථාවේ කල යුත්තේ අදාල වතු සමාගම් සමග කතා කර යම් වැටුප් වැඩි විමකට යාමටයි.

එමෙන්ම මේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ ප්‍රශ්නයේදි වතු කරය නියෝජනය කරන සියලුම වෘත්තිය සමිති එකට එක් විය යුතුයි එත් කියන්න කනගාටුයි මේ වන විට සමහර වෘත්තිය සමිති මෙම කම්කරු වැටුප් වැඩි කිරිමේ ප්‍රශ්නයේද මග හැරියා.

මොකද සමහර වෘත්තිය සමිති බියවිමක් වුනා මේ වතු කම්කරු වැටුප වැඩි කිරිම තුලින් එක් වෘත්තිය සමිතියකට එහි වාසිය යාම තුලින් ඉදිරි මැතිවරණවලදි ඔවුන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩු වෙයි කියලා එම නිසා මෙවන් ප්‍රශ්නවලදි ඡන්දය බලා ගෙන කටයුතු නොකර වතු කම්කරුවන් වෙනුවෙන් එකට එක් විය යුතුයි.

මොකද අද වන විට මේ වතු කම්කරුවන්ට ජිවත් විමට ප්‍රමාණවත් වැටුපක් නොලැබිම තුල මේ වතු කම්කරුවන් දැඩි ආර්ථික ප්‍රශ්නවලට මැදි වෙලා ඉන්නේ එම නිසා මේ වතු සමාගම් සමග සකච්චා කර වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කර ගැනිමට රජය යම් පියවරක් ගත යුතුයි එයට වතුකරය නියෝජනය කරන සියලුම වෘත්තිය සමිතිවල සහය ලබා දිමටත් එම වෘත්තිය සමිති නායකයන් පියවර ගත යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts