ජපානයේ සහල්වලින් නිපදවන සම්ප්‍රධායික වයින් වර්ගයක් වන ‘සකේ ‘ යුනෙස්කෝ කමිටුවේ සාමාජිකයන් විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුනෙස්කෝ කමිටුවේ සාමාජිකයන් ලොව පුරා සංස්කෘතික උරුමයන් සහ නිෂ්පාදන 45ක් මෙලෙස ලෝක උරුම ලෙස නම් කර තිබෙන බවයි.
ඒ අතරට බ්‍රසීලියානු සුදු චීස්, කැරිබියන් කැසාවා පාන් සහ පලස්තීන ඔලිව් තෙල් සබන්ද ඇතුළත්.
‘සකේ’ සම්ප්රධායිකව දිව්‍යමය ත්‍යාගයක් ලෙස සළකනු ලබන අතර ජපානයේ සමාජ සහ සංස්කෘතික උත්සව සඳහා අත්‍යවශ්‍ය බව යුනෙස්කෝහි ජපන් තානාපති ටකෙහිරෝ කැනෝ ප්‍රකාශ කළා.