හැටන් දික්ඔය නගර සභාවට අයවිය යුතු වරිපනම් හිගය රුපියල් ලක්ෂ සියයක් පමන බවට එම නගර සභාවේ නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම වර්ෂයේ ජුනි මස 30වන දිනට සිදු කරන ලද බිල් කිරිම් මත මෙම නගර සභාවට අයවිය යුතු වරිපනම් හිගය ලක්ෂ 100ක් බවත්ය.
මෙම නගර සභාව සදහා ප්‍රදේශයේ වරිපනම් ගෙවන පිරිස් වරිපනම් ගෙවිම් දෙසැම්බර් මාසය දක්වා සිදු කරන බවත් මෙම තත්වයන් මත මෙම වර්ෂයේ දෙසැම්බර් අවසන් වන විට මෙසේ අයවිය යුතු වරිපනම් හිග මුදලින් රුපියල් ලක්ෂ හතලිහක් පමන නගර සභාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසිය.

පසු ගිය කොවිඩ් වසන්ගත තත්වයන් හා රට තුල පැවති ආර්ථික ප්‍රශ්න හමුවේ මෙම ප්‍රදේශයේද වරිපනම් ගෙවන සමහර පිරිස්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටි බවත් එම තත්වයන් මත එම කාලයන් තුලදි ඇතිවු හිග වරිපනම් මේ වන තෙක් පවතින බවද බණ්ඩාර මහතා පවසන ලදි.
එම තත්වයන් මත මෙම නගර සභාවට අයවිය යුතු හිග වරිපනම් මුදල් කොටස් වශයෙන් හෝ ලබා ගැනිමට පියවර ගන්නා බවත් සමහර පිරිස් දිගු කාලයක් තිස්සේ ගෙවිය යුතු වරිපනම් මුදල් ගෙවිම් පැහැර ඇති අතර එම පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදි නිතිමය පියවර ගැනිමට පියවර ගන්නා බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts