නල්ලතන්නිය ප්‍රදේශය තුල වල් ඌරන් දිවා කාලයේද සැරි සැරිම හේතුවෙන් එම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ වල් ඌරන් පිරිසක් මේ වන විට නල්ලතන්නිය ප්‍රදේශයේ දිවා කාලයේ පවා සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම බියකටද පත්ව ඇති බවත්ය.
ඉදිරියේදි ශ්‍රිපාද වන්දනා සමයද ආරම්භවන බවත් එම ශ්‍රිපාද වන්දනා සමය තුලදි මෙම මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනෙන බවත් එම අවස්ථාවලදි මෙම වල් ඌරන්ගෙන් එම වන්දනාකරුවන්ට විවිධ කරදරයන් සිදුවිමේ අවදානමක් පැවතිය හැකි බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories