corona-outbreake

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත් එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ දැනට පවතින පළාත් සංචරණ සීමා මෙම අවස්ථාවේදී ප්‍රමාණවත් නොවන බවත් දින 14ක් දැඩි සංචරණ සීමා පැනවිය යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතුළු සියලුම විශේෂඥවරුන්ගේ මතය බවයි.

දින 14ක් දැඩි සංචරණ සීමා පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමට බලාපොරොත්තු වන බව ද සංඛ්‍යලේඛන කුමක් වුවත් මේ වන විට රෝගීන් වාර්තාවීමේ වේගය සීඝ්‍රයෙන් ඉහළයමින් ඇති බවද සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම ඇඟලුම් හලේ සේවකයන් හාරදහසකට මෙම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

එම පී.සී.ආර්. පරීක්ෂණ කර ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ නොතකමින් යැයිද අනාවරණය වී ඇත.

මෙම පරීක්ෂණ අක්‍රමවත්ව කර ඇතැයි ද ආසාදිතයන් සම්බන්ධයෙන් දුන් වාර්තා පරස්පර බවද කොවිඩ් කමිටුව අනාවරණය කරගෙන තිබෙන අතර ඉන්පසු ජනාධිපතිවරයා කොවිඩ් කමිටුවට උපදෙස් දී ඇත්තේ එම රෝහලෙන් අදාළ වාර්තා ටික ලබාගන්නා ලෙසය.

කොරෝනා ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීම අද දින සිට ආරම්භ වෙයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කටයුත්ත කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Similar Posts