dalas

2013 දී ලක්විජය සහ නොරොච්චෝලේ විදුලි බලාගාර විවෘත කිරීමේන් පසු මේ වන තෙක් වසර 07ක් තුළ කිසිදු විදුලි බලාගාරයක් ජාතික විදුලි පද්ධතියට එකතු වී නොමැති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය අලාභ ලැබීමට හේතු වුයේ දිගු කාලීන ජනන සැලැස්ම අනුව විදුලි ජනන  ව්‍යාපෘති කාලීනව සිදු නොවීම බවත් නිදසුනක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා   2013 ලක් විජය නොරොච්චෝලේ මෙගාවොට් 600 ක බලාගාරය විවෘත කිරිමෙන් පසු මෙතෙක් කිසිදු විදුලි බලාගාරයක් ඒකතු නොවීම බව ඔහු පවසයි.

ඒමෙන්ම පිරිවැය අධික බලශක්ති ප්‍රභවයන් මඟින් පිරිවැය ඉහළ යාම සහ ඉහළ යන පිරිවැයට සමගාමීව වෙනස් නොවන ගාස්තු අය ක්‍රමයකින් සමන්විත වීම ආදායම හා වියදම අතර පරතරයට හේතු බවද ඔහු කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අපගේ බලාගාර වල සියයට තිස් දෙකක් ඇත්තේ ඩීසල් බවත්   වසරකට බිලියන 100 ක් පමණ දහනය වන්නේ ඩීසල් වලට බවය.

ඒමෙන්ම ජනනය සඳහා විදුලි ඒ්කකයක් රුපියල් විසි තුනයි ශත විසි නවයක් වැය වන අතර අය ක්‍රමයට අනුව ඒ්කකය අය කරන මුදල රුපියල් දාසයයි ශත හැට නවයක් බවද ඔහු පෙන්වා දෙයි.  අවසන් විදුලි ගාස්තු සංශෝධනය 2013 වසරේදී වන අතර  විදුලි බිල ගාස්තුව සියයට විසි පහකින් අඩු වු  පසුව ඒය අවසන් සංශෝධනය බවද ඔහු පවසයි.

මෙහිදි අමාත්‍යවරයා  විශේෂයෙන් කියා සිටියේ බොහෝ ක්‍රියාකාරම් කොන්ත්‍රාත් පදනමින් බාහිර පාර්ශවයන්ට පැවරීම. අතු කැපීම පමණක් මුලදි බාහිර පාර්ශව වෙත ලබා දුන්නද මේ වන විට විදුලිය විසන්ධි කිරීම, විදුලිය ලබා දීම පවා බාහිර පාර්ශවයන් වෙත ලබා දී ඇති බවත්   ඒ් සමඟම විදුලිබල මණ්ඩල සේවක සංඛ්‍යාවද ඉහළ ගිහින් තිබෙන බවය.

බාහිර පාර්ශවයන්ට මුලදි ලබා දීමේදි විදුලිබල මණ්ඩලයේ 16000 ක් සිටි සේවක සංඛ්‍යාව අද වන විට 26000 දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමිනි.

ශානිකා

More Stories