wau

වායු ගුණාත්මක භාවය මධ්‍යම මට්ටමක් තුළ පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පවසනවා.

එම සංවිධානය අද උදැසන 08 ට නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව මෙරට ප්‍රධාන නගර ගණනාවක වායු ගුණ තත්ත්වය 100 ත් 150 ත් අතර අගයක පැවති බවයි.

කෑගල්ල නගරයේ එම අගය ඒකක 151 ක් දක්වා ඉහළ ගොස් තිබු අතර බදුල්ල නගරයේ වායු ගුණ තත්ත්වය ඒකක 140ක් ලෙස එම වාර්තාවේ සටහන්ව තිබුණා.

හම්බන්තොට නගරය ආශ්‍රිත වායු ගුණ තත්ත්වයද ඒකක 106 ක් දක්වා වැඩි වී ඇති බවයි එම වාර්තවේ වැඩිදුරටත් දැක්වුණේ.

බදුල්ල හා හම්බන්තොට ප්‍රදේශවල වායු ගුණ තත්ත්වය එවැනි වැඩි අගයක් පෙන්වීමට අදාළ ප්‍රදේශයන්ට පමණක් බලපාන තාවකාලික හේතූන් බලපෑ හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පැවසුවේ.

එම තත්ත්වය සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක් නොවන අතර වායු ගුණය කෙරෙහි සංවේදී පුද්ගලයින්ට පමණක් යම් අපහසුතා ඇති විය හැකි බවද එම වාර්තවේ වැඩිදුරටත් දැක්වෙනවා.

අද පෙරවරු 11 යි 30 පමණ වනවිට අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකය අනුව මෙරට වාතයේ ගුණාත්මක භාවය සටහන්ව තිබුණේ මහනුවර 156 ක්, ගම්පහ 137 ක්, යාපනය 134 ක් සහ කොළඹ 109 ක් ලෙසයි.

එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් වන්දි අය කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළයුතු බව පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන එම වැඩසටහනට එක්වෙමින් කියාසිටියා.

More Stories