නව කොරෝනා වෛරසය වායූ සමීකරණය කළ පරිශ‍්‍රවලදී වඩා පහසුවෙන් පැතිර යා හැකි බව හදුනාගෙන තිබෙනවා.

කිසියම් පරිශ‍්‍රයක් වායු සමීකරණය කර පවත්වා ගන්නවා වෙනුවට ස්වාභාවික වාතාස‍්‍රයට සහ හිරු එළියට නිරාවරණ කර පවත්වා ගැනීම මේ දිනවල වඩා ආරක්ෂිත බවද මෙහිදී විස්තර කෙරුණා.

වායූ සමීකරණය කරන ලද සුපිරි වෙළදසැල් හෝ වෙනත් ස්ථානවල වැඩි වේලාවක් ගත කිරීමද මේ අනුව අවධානම් සහිත විය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව එවැනි ස්ථාන හැකි පමණ මගහැර සිටීම සුදුසු බවද වෛද්‍යවරුන් පවසනවා.

More Stories